මේ මාසය පුරා අධික උණුසුම් කාලගුණයක්

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පවතින අධික උණුසුම් කාලගුණය මේ මාසය පුරාම පැවතිය හැකි බවත්, එහෙත් මේ මස 07 වැනිදායින් පසු අන්තර් මෝසම් සක්‍රිය වුවහොත් සවස් කාලයේදී යම්තාක් දුරට රස්නය අඩු වී යා හැකි බවයි.

මේ මස 05 වැනිදා සිට 15 වැනිදා දක්වා හිරු ලංකාවට ඉහළින් සෘජුවම පිහිටන බවද, ලංකාව හරහා ගමන් කරන සුළං ප්‍රවාහයේ අඩුවීමක්ද ඇති වී තිබෙන අතර, එයද මෙම උණුසුම්කාරී දේශගුණික තත්ත්වය ඇතිවීමට හේතුවක් වී තිබෙන බව කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා සඳහන් කරයි.

අන්තර් මෝසම සක්‍රිය වුවහොත් සවස් කාලයේ වැසි ඇතිවන බවත්, වැසි ඇතිවන විට උණුසුම අඩු වී යා හැකි බවත් ඔහු කියා සිටියේය.

ඊයේ (01දා) දිනයේ වැඩිම උෂ්ණත්වය අනුරාධපුරයෙන් වාර්තා වී තිබෙන අතර, එම දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36ක් ලෙස වාර්තා විය.

අඩුම උෂ්ණත්වය නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ප්‍රමාණය සෙල්සියස් අංශක 10කි.

මීට අමතරව යාපනය, මහනුවර, රත්නපුර, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 33ක් ලෙස වාර්තා වී තිබේ.

Read more

Local News