ශ්‍රී ලංකාවේ නව දේශීය ආදායම් පනත ක්‍රියාත්මකයි

Share

වයස අවුරුදු 18ට වැඩි සියලු ශ්‍රී ලාංකේය පුරවැසියන්ට බදු ලිපිගොනුවක් විවෘත වෙමින්, වාර්ෂික ආදායම රු.ලක්ෂ 42කට වැඩි නම් රු.ලක්ෂ 10 ඉක්මවූ උපයන විට ගෙවන ආදායම් බද්දක් සමග, බදු දැලට හසු නොවූ වෛද්‍යවරුන්, නීතීඥයන්, ගෘහ නිර්මාණ ශිල්පීන් ආදීහු බදු දැලට හසුකර ගනිමින් ශ්‍රී ලංකාවේ නව දේශීය ආදායම් පනත ඊයේ (අප්‍රේල් 01දා) දින සිට ක්‍රියාත්මක වීම ඇරඹෙයි.

සංශෝධන රැසක්ද සමගින් ඉදිරිපත්ව ඇති මෙම නව පනත් කෙටුම්පත මගින් මින් පෙර නොපැවති නව බදු හඳුන්වාදීම් කිහිපයක්ම සිදුකර ඇති අතර, මේ සියල්ල හරහා සංකීර්ණව පැවති බදු ක්‍රමය වඩාත් සරල කර ඇති බව මෙම පනත ඉදිරිපත් කළ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අදහස වී තිබේ.

අමාත්‍යාංශයේ තීරණ අනුව සැකසූ මෙම නව බදු පනත ක්‍රියාත්මක කරනු ලබන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි.

මෙරට වයස අවුරුදු 18ට වඩා වැඩි සියලුම පුරවැසියන්ට බදු ලිපිගොනුවක් පවත්වාගෙන යාමට අදාළවද මෙම පනත් කෙටුම්පත තුළ සඳහන්ව තිබේ. එහෙත් මෙහිදී රැකියාවක නිරත, බදු ගෙවීමේ හැකියාවක් පවතින පිරිසගෙන් පමණක් අදාළ බදු අයකර ගැනීම සිදුකරගන්නා බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි. කෙසේ වෙතත් මෙතෙක් නොපැවැති ක්‍රමවේදයක් යටතේ රටෙහි සියලු පුරවැසියන්ම බදු ගෙවීමේ ක්‍රමවේදයට එක් කරගැනීම අපේක්ෂාව බව සඳහන් කළ යුතුය.

Read more

Local News