දඹුල්ලේ එළවළු ප්‍රමාණය ඉහළට – එළවළු මිල පහළට

Share

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සීග්‍රයෙන් ඉහළයාම හේතුවෙන් එළවළු තොඟ මිල විශාල වශයෙන් පහල වැටී ඇති බව වාර්තා වේ.

ගොවීන් පවසන්නේ, වම්බටු, මෑකරල්, පිපිඤ්ඤා, ගෝවා, වට්ටක්කා, රාබු, බීට්, මාළු මිරිස් ඇතුළු එළවළු වර්ග කිලෝවක තොඟ මිල රුපියල් 10 සිට 30ක් දක්වා වන බවයි.

ඇතැම් ගොවීන් විසින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන ආ එළවළු අලෙවි නොවීම හේතුවෙන් ඒවා ගොඩගසා ඇති ආකාරය දක්නට ලැබෙන බව වාර්තා වෙයි.

මෙම තත්ත්වය තුළ සිය අස්වනු සඳහා හොඳ මිලක් නොලැබීම හේතුවෙන් ගොවීන් දුෂ්කරතාවට පත්ව සිටියි.

Read more

Local News