නාවලපිටියේ කම්කරු නිවාස පේළියක ගින්නක්

Share

නාවලපිටිය නගර සභාවට අයත් කම්කරු නිවාස පේළියක අද (2) උදෑසන හටගත් ගින්නකින් එම නිවාස පේළියේ තිබු නිවාස දෙකක් ගිනි ගෙන විනාශ වී ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

නාවලපිටිය බටහිර වසමේ සොයිසාකැලේ ප‍්‍රදේශයේ පිහිටි මෙම කම්කරු නිවාස පේළියේ මෙම ගින්න හටගෙන තිබේ.

ගින්නෙන් එක් කම්කරු නිවාසයක් සම්පුර්ණ ගිනි ගෙන විනාශ වී ඇති අතර තවත් නිවසකට අර්ධ වශයෙන් අලාභ හානි සිදුවී ඇති බව වාර්තා වේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැත.

Read more

Local News