අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වෙයි

Share

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්විය.

එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අතුරු වාර්තාවක් සභාගත කළේ ය.

මෙම වාර්තාවට සාමාජිකයන්ගේ යෝජනා ඇතුළත් වෙනවා. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් විය යුතු බවට යෝජනා වී තිබෙනවා.බෙදා වෙන් කළ නොහැකි ශ්‍රී ලංකාවක් සඳහා සියලු සමාජිකයන් සූදානම්. බලය බෙදීමකටත් සූදානම්. අතුරු වාර්තාව සාමූහික ප්‍රයත්නයක්. මෙය ඓතිහාසික අවස්ථාවක්. මේ වෙනස ශ්‍රි ලංකාවට මතු වාසනාවන්ත යුගයක් උදා වන බවද අග්‍රාමාත්‍යවරයා වාර්තාව ඉදිරිපත් කරමින් පැවසී ය.

Read more

Local News