සුනාමි පෙරහුරු වැඩසටහනක්

Share

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකා ආයතනය (UNDP) පාසල් තුළ සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

2004 වසරේ ඉන්දියානු සාගරයේ හටගත් සුනාමිය ශ්‍රී ලාංකිකයින් 35,00කට වැඩි පිරිසකගේ ජීවිත බිලි ගත්තේය. එමෙන්ම දිවයින පුරා මිලියනයකට වැඩි ජන කොටසක් පීඩාවට පත් කළේය. සුනාමිව නිසා සමස්ථයක් ලෙස පාසල් 183කට ද වෘත්තීය හා කාර්මික පුහුණු ආයතන 18කට ද විශ්වවිද්‍යාල 04කට ද අලාභ හානි සිදුවිය.

එසේම වෙරළබඩ දිස්ත්‍රික්ක දහහතරේ වාසය කළ සිසුන් 100,000කට ආසන්න සංඛ්‍යාවකගේ අධ්‍යාපනයට විවිධ බලපෑම් එල්ල විය.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ජපාන රජය, ආසියා ශාන්තිකරයේ හට ගන්නා සුනාමි සදහා පාසල්වල පෙර සූදානම ශක්තිමක් කිරීම සදහා කලාපීය ව්‍යාපෘතියකට සහාය දෙමින් සිටි. සුනාමි නිසා සිදුවන ජීවිත හානි අවම කිරීම එහි අරමුණ වේ.

UNDP ආයතනය ආසියා ශාන්තිකර කලාපයේ පවත්නා සිය දේශීය කාර්යාල හරහා රටවල් 18ක පාසල් 90ක දී සුනාමි පෙරහුරු වැඩසටහන 90ක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එම රටවල් වන්නේ බංග්ලාදේශය, කාම්බෝජය, ෆීජි දූපත්, ඉන්දුනීසියාව, මලයාසියාව‍, මාලදිවයින, මියන්මාරය, පකිස්ථානය, පැපුවා නිව් ගිනියාව, පිලිපීනය, සැමෝවා දූපත් සොලමන් දූපත්, ශ්‍රී ලංකාව, තායිලන්තය, ටිමෝර් ලෙස්ති, යොන්ගා දූපත්, වනාටු දූපත් හා වියට්නාමය යි.

UNDP ආයතනය ශ්‍රී ලංකාවේ සුනාමියෙන් පීඩාවට පත් පාසල් අතරින් තෝරාගත් පාසල් 05ක් තුළ මෙම පෙරහුරු වැඩසටහන සැලසුම් කර ඇත. එහිදී ආපදා කළමනාකරණ අමාත්‍යංශය, අධ්‍යාපන අමාත්‍යංශය, රතු කුරුස සංවිධානය, ශ්‍රී ලංකා නාවික හමුදාව හා පාසල් සංවර්ධන සමිති සමග එක්ව තටයුතු කරන ලැබේ.

ඒ අනුව අද (03) මෙම පෙරහුරු මාලාව ගාල්ල විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයෙන් ආරම්භ වේ.

Read more

Local News