කෘෂි ව්‍යවසායකයින් වෙනුවෙන් නව වැඩසටහනක් ගාල්ලේ දී

Share

පසු අස්වනු හානිය වළක්වා ගනිමින් සුලභ ආහාර අතිරික්තය භාවිතයට ගැනීමට හැකි අයුරින් සකස් කිරීම සඳහා දැනුවත් කිරීම සහ අවශ්‍ය උපකරණ ලබා දීමේ වැඩසටහනක් රු.මි 7.2ක ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කෙරේ.

දිස්ත්‍රික් කෘෂිකර්ම අංශය මගින් ජනාධිපති ලේකම් කාර්යාල ප්‍රතිපාදන මත මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ යටතේ ආහාර විජලන යන්ත්‍ර ලබා දිම සිදුකෙරෙන අතර හික්කඩුව ගොවි සංවිධාන 03ක්, යක්කලමුල්ල ගොවි කාන්තා සමිති 04ක්, ඉලක්ක කරගෙන මෙම යන්ත්‍ර සහ අවශ්‍ය දැනුම ලබා දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කෙරේ. කරන්දෙණියේ ප්‍රතිලාභින් 04ක්, අක්මීමන ප්‍රතිලාභින් 8ක් ඉමදුව ප්‍රතිලාභින් 03ක් මෙසේ ආහාර වියළන යන්ත්‍ර ලබා දීමට නියමිත ප්‍ර‍තිලාභීන්ය.

අම්බලන්ගොඩ වියළන කොස් හා දෙල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ව්‍යවසායකයින් බිහි කිරීම සඳහා ප්‍රතිලාභින් 8කට ත් බලපිටියේ ප්‍රතිලාභින් 11කටත් මේ යටතේ යන්ත්‍ර ලබා දෙයි.

මී මැසි පාලනය සහ මත්ස්‍ය වගාවටද මේ යටතේ රජයේ අනුග්‍රහය හිමි වන අතර වැලිවිටිය දිවිතුර මිරිදිය මත්ස්‍ය කර්මාන්තය යටතේ බලපත්‍ර ලබා දිම පුහුණු වැඩසටහන් හා මත්ස්‍ය පැටව් 1000ක් ලබා දීම සිදු කෙරේ.

Read more

Local News