පළාත් 05කට සවස 2.00න් පසු වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය දිවයින පුරා ස්ථාපිත වෙමින් තිබෙන නිසා අද (03දා) පළාත් 05කට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට වැසි අපේක්ෂා කරන බවත්, ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල සුළඟේ වේගය තාවකාලිකව ඉහළ යා හැක.

මීට අමතරව බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි ඇතිවිය හැකි බවත්, මධ්‍යම හා සබරගමු පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැක.

කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, සෙසු මුහුදු ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රීකාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News