අනධ්‍යන සේවක වැඩ වර්ජනය හෙටින් අවසන්

Share

ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් විශ්ව අනධ්‍යන සේවකයින් දින 34ක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය හෙට (4) සිට අවසන් කිරීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසයි.

උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් මහතා සමඟ ඊයේ (2) පැවැත්වූ සාකච්ඡාවේදී ඇතිවූ එකඟතාවක් මත මෙම තීරණය ගෙන අැත.

තමන් ඉල්ලා සිටි සියයට 35ක් වන මාසික හිලව් දීමනාවෙන් සියයට 10ක් මෙම මස හෝ ලබන මස වැටුප සමඟ ලබාදීමට හා ඊට අදාළ චක්‍රලේඛය අද (3) නිකුත් කිරීමට අමාත්‍යවරයා එකඟ වූ බවත්, එම චක‍්‍රලේඛය නිකුත් වූ පසු වැඩවර්ජනය අවසන් කරන බවත් සඳහන් වෙයි.

Read more

Local News