චූදිතයින් දෙදෙනෙකුට මරණ දණ්ඩනය

Share

පුද්ගලයන් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කර අැත.

ඒ බෝම්බ ප්‍රහාරයක් එල්ල කර කාන්තාවක් ඝාතනය කර තවත් පුද්ගලයකුට සහ කාන්තාවකට බරපතල තුවාල සිදු කිරීමක් සම්බන්ධයෙන් වූ නඩුවකට වැරදිකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුටයි.

1999 වසරේ මැයි 31 වනදා අහංගම පොලිස් වසමේ වඩුගේගොඩ ප්‍රදේශයේ දී මෙම සිද්ධිය සිදුව තිබුණි.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ගාල්ල මහාධිකරණයේ විභාග වූ නඩුවක තීන්දුව ඊයේ (02) ප්‍රකාශයට පත් කරමින් චූදිතයින් දෙදෙනෙකුට මරණ දණ්ඩනය නියම කර ඇත.

Read more

Local News