පාතාල කල්ලි නායක අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු අත්අඩංගුවට

Share

පාතාල කල්ලි නායකයෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු ලෙස සැලකෙන “චීටි” නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ, අද (03) උදෑසන කොටිකාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදි ජීව අත්බෝම්බයක්ද තිබී ඇති බව පොලීසිය පවසයි.

මෙම සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයකදීම පොලිස් අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවෙකි.

මොහු පස් කැපීම රැකියාව ලෙස සිදු කර ඇත.

වැඩිදුර විමර්ශන සඳහා මොහුව සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට භාර දීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

Read more

Local News