යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රු.මිලියන 324.81ක ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කයට

Share

ගිය වසරේ ඇති වූ ගංවතුර හානි ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රේඛීය අමාත්‍යංශ මගින් ලබා දුන් රු.මිලියන 324.81ක ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ලැබී තිබේ.

සෞඛ්‍ය, වාරිමාර්ග, වැවිලි කර්මාන්ත සහ තැපැල් කටයුතු සම්බන්ධ අමාත්‍යංශ මගින් මෙසේ ප්‍රතිපාදන ලබා දී තිබෙන අතර මෙම ව්‍යාපෘති සාර්ථකව අවසන් කර ඇති බව දිස්ත්‍රික් සැලසුම් අංශය පෙන්වා දෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් රු.මි 33ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 20ක් ක්‍රියාත්මක කර තිබේ. හානියට පත් වූ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය මේ ඔස්සේ සිදු වන අතර සුළු වාරිමාර්ග නඩත්තුව සඳහා රු.මි 24ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 86ක් ක්‍රියාත්මක වේ.

මෙයින් වැඩ නිම වු ව්‍යාපෘති 77ක් වන අතර සෙසු ව්‍යාපෘති 09 ද අර්ධ වශයෙන් වැඩ නිමවු ව්‍යාපෘති වේ. මහා වාරිමාර්ග සංවර්ධනය සඳහා රු.මි 50ක ප්‍රතිපාදන ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ලැබී තිබෙන අතර ඒ යටතේ ව්‍යාපෘති 50ක් ක්‍රියාත්මක කර ඇත.

ඉන් 40ක් පූර්ණ වශයෙන් වැඩ නිමි ව්‍යාපාති වේ. ගාල්ල දිස්ත්‍රික්කය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මගින් තේ වගාව (කුඩා තේ වතු) සඳහා රු.මි 167.56ක ප්‍රතිපාදන ලබා දී තිබෙන අතර ප්‍රතිලාභින් 5706ක් අතර එම ප්‍රතිපාදන තේ වතු වගා හානි සඳහා වන්දි වශයෙන් ලබා දි ඇත.

තේ කර්මාන්ත ශාලාවල යටිතල පහසුකමි සහ විනාශ වූ කර්මාන්තශාලා සඳහා රු.මි 40.75ක මුදලක ව්‍යාපෘති 11ක් සඳහා යොදවා ඇති අතර ඉන් 09ක 100%ක ප්‍රගතියක් දක්නට ඇති අතර ව්‍යාපෘති දෙකක් පමණක් 50%ක ප්‍රගති මට්ටමේ තිබේ.

Read more

Local News