බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට අඛණ්ඩව සහය – කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය

Share

ශ්‍රී ලංකාව තුළ බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු වලට අඛණ්ඩව සහය දක්වන බව කොළඹ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

එම කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, 2010 සිට 2019 දක්වා කාලය තුළ ඒ සඳහා වැය කරන මුදල යුරෝ මිලියන 6.2ක් බවයි.

පසුගිය වසර තුළ බ්‍රිතාන්‍යයේ සහයෝගයෙන් වර්ගමීටර් 142,549ක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ ඉවත් කර ඇති බව සඳහන් වේ.

ශ්‍රී ලංකාව බිම් බෝම්බ පිටු දැකීමේ ඔටාවා සම්මුතියට අත්සන් තැබීමෙන්, වසර 2020 වන විට මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට රජයේ ඇති කැපවීම පිළිබිඹු වන බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයා සඳහන් කර ඇත.

Read more

Local News