ආර්නෝල්ඩ් ස්වාසනේගර් හෘදයා බාධයක් වැළදීම හේතුවෙන් හදිසි හෘද සැත්කමකට

Share

අමෙරිකාවේ සුපිරි නළු ආර්නෝල්ඩ් ස්වාසනේගර් හෘදයා බාධයක් වැළදීම හේතුවෙන් හදිසි හෘද සැත්කමකට භාජනය කර ඇති බව වාර්තා වෙයි. වීවෘත හෘද සැත්කමක් සදහා ඔහු යොමු කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මේ වන විට ස්වාසනේගර් 70වැනි වියේ පසුවේ.

ස්වාසනේගර් වෛද්‍ය උපදෙස් අනුව මීට පෙර හෘදයේ නාල බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සදහා සූදානම්ව සිට තිබේ.

කෙසේ නමුත් එම සැත්කමට පෙර මෙසේ හදිසි විවෘත හෘද සැත්කමක් සිදු කිරීමට වෛද්‍යවරු පියවර ගෙන ඇති බව වාර්තාවේ. සැත්කම් සාර්ථක වී ඇති අතර මේවන විට ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවද සදහන්ය.

මෙම සැත්කම් ගැන සඳහන් කරමින් ආර්නෝල්ඩ් ස්වාසනේගර් සිය ට්විටර් පිටුවේ දක්වා ඇත්තේ, තමන් විශාල නින්දකින් අවදි වුවා වැනි හැගීමක් ඇති බවයි.

Read more

Local News