සුනාමි පෙරහුරුවක් ඊයේ දින ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දී

Share

අපදා කළමනාකරණ අමාත්‍යාංශය, අපදා කළමානකරණ මාධ්‍යස්ථානය සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදල දායකත්වයෙන් ගාල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරණ ඒකකයේ මෙහෙය විමෙන් සුනාමි පෙරහුරුවක් ඊයේ (03) උදෑසන ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයේ දි පැවැත්විණි.

ගාල්ල ආපදා කළමානාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිනල් කර්නල් දම්පත් රත්නායක මහතා සඳහන් කර සිටියේ, ගාල්ල වෙරළ තිරයට ආසන්නයේ පිහිටි පාසලක් වන විද්‍යාලෝක විද්‍යාලය, 2004 වසරේදි ද සුනාමි ආපදාවන් හමුවේ දැඩි හානියට පත් විදුහලකි. මෙම තත්වය සැළකිල්ලට ගෙන පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන විද්‍යාලෝක විද්‍යාලයේ පවත්වන්නට වූ බවයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය එස්. අමලනාදන් මහතා සහ එක්සත් ජාතින්ගේ සංවර්ධන අරමුදලේ දේශීය වැඩසටහන් අධ්‍යක්ෂිකා ලොවිටා රාම්ගුඩි මහත්මියද මේ අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Read more

Local News