අලුත් අවුරුදු සමයේ තේ අස්වනු හානිය අවම කිරීම පිළිබඳව දැනුම්වත් කිරීමක්

Share

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ තේ වගා කරන ප්‍රදේශවල පවතින යහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ලබාගත හැකි අමු තේ දළු නිෂ්පාදිතය සෑම වසරකම එම කාල සීමාවේ දී ඉහළ අගයක් ගනී. එහෙත් උත්සව සමය හේතුවෙන් දීර්ග කාලයක් තේ කම්හල් වසා තැබීම නිසා රටට අහිමිවන තේ ආදායම රුපියල් මිලියන 2000 ට අධික බව තේ කොමසාරිස් ජයන්ත අමරසිංහ මහතා පැවසී ය.

එම තත්ත්වය අවම කිරීම සඳහා පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැනුම්වත් කිරීමේ වැඩසටහන් හා පූර්ව ක්‍රියාමාර්ග ගැනීම සිදු කර ඇත. තේ වගා කරන ප්‍රදේශ ආශ්‍රිතව 2018 වර්ෂයේ ද දැනුම්වත් කිරීම් මාලාවක් සංවිධානය කර ඇති අතර එහි දී ගාල්ල හා මාතර දිස්ත්‍රික් නියෝජනය කරන තේ කම්හල් හිමියන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක්  තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණී.

තේ කර්මාන්තයේ ඉදිරි පැවැත්ම උදෙසා ඍජුව බලපාන අස්වනු හානිය අවම කිරීම පිළිබඳව විශේෂයෙන් දැනුම්වත් කරන ලදි. එපමණක් නොව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් තේ කර්මාන්ත ශාලා වසා තැබෙන කාලසීමාව අප්‍රේල් 11 සිට අප්‍රේල් 17 දක්වා සීමා කිරීමට එකඟතාවට පත් විය. ඒ පිළිබඳව ඉදිරියේ දී තේ කම්හල්කාර්ය මණ්ඩලය සහ තේ ගොවීන් දැනුම්වත් කිරීමට නියමිත ය.

Read more

Local News