බැදුම්කර සිදුවීම සම්බන්ධව ජනාධිපති කොමිෂමෙන් හෝ කෝප් වාර්තාවෙන් අගමැතිව වරදකරුවෙක් කර නොමැත

Share

බැදුම්කර සිදුවීම සම්බන්ධව ජනාධිපති කොමිෂමෙන් හෝ කෝප් වාර්තාවෙන් වරදකරුවෙක් කර නොමැති බවත් එසේ නම් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගේන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විශ්වාසභංගය පුස්සක් බව පැවසීය.

විශ්වාසභංග විවාදයේ දී අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම මහතා අග්‍රාමාත්‍යධූරය බාරගත් විට කෝප් කමිටු වේ සභාපතිධූරය ලබාදුන්නේ විපක්ෂයට. යහපාලන ආණ්ඩුව කෝප් කමිටුවේ සභාපති කළේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක්. අලුත් ආදර්ශයක් දුන්නා. ආණ්ඩුවට හංගන්න දෙයක් නෑ කියන අරමුණ තිබුණා. බැදුම්කර වාර්තාවේ අගමැතිතුමාගේ නම සඳහන් නෑ. කෝප් වාර්තාවේ නම සඳහන් වෙන්නේ නැත්නම් කොහොමද විශ්වාස භංගයක් ගේන්නේ? ජනාධිපති කොමිෂමෙන්වත් ගරු අගමැතිවරයාගේ නම සඳහන් නෑ. මේ විශ්වාසභංග යෝජනාව පුස්සක්. අගමැතිවරයා කෝප් වාර්තාවෙන් හෝ ජනාධිපති කොමිෂමෙන් වැරදිකරුවෙකු කර නෑ. අගමැතිතුමා, කොහේද වැරදිකරුවෙක් කර තිබෙන්නේ. අගමැතිතුමා සිදුවීමට කිසි සේත් සම්බන්ධ නෑ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News