දඹුල්ල කුරුණෑගල මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප‍්‍රදේශයේ දී ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරයක් හා ලොරියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් තුවාල ලැබු රියදුරු මියගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

ගලේවෙල සිට පොතුහැර බලා ධාවනය වෙමින් තිබු ට්‍රැක්ටරක් පසුකර යෑමට පොලොන්නරුව සිට කොළඹට ධාවනය වෙමින් තිබු ලොරි රථයක් උත්සාහ කල විටදි ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදු වී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන අද (4) දඹුල්ල මහේස‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Read more

Local News