සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව ජනපතිට

Share

උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම අද (04දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදුවිය.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතා අතින් ජනාධිපතිවරයා වෙත චිරාගත පිළිවෙත් පරිදි නැකැත් සීට්ටුව පිළිගන්වන ලදී.

අලුත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ආහාර අනුභවය, හිසතෙල් ගෑම මෙන්ම නව වසරේ රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී නැකැත් චාරිත්‍ර නැකැත් සීට්ටුවට ඇතුළත් වේ.

Read more

Local News