අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් තිබෙනවා – අගමැති පාර්ලිමේන්තුවට වගකියනවා

34

අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේ,

විශ්වාසභංගය ගෙනාව අය බලාපොරොත්තු වුණේ ආණ්ඩුව පෙරළීමටයි. අගමැතිවරයා පිළිබඳ විශ්වාසයක් තිබෙනවා. උගත්, බුද්ධිමත්, පසුබිමක් සහිත දේශපාලඥයෙක්. ඉදිරි වසර දෙක රට ගෙනයන්න එතුමාගේ නායකත්වය පිළිගන්නවා. එදා අගමතිවරුන්ට නිසි පිළිගැනීමක් ලබාදුන්නේ නෑ. අද අගමැතිවරයා පාර්ලිමේන්තුවට වගකියනවා. අගමැති එළවා රජය පෙරළන්න හදනවා නම් එය සාර්ථකවන්නේ නෑ. රටේ රාජ්‍ය සේවකයන්ගේවැටුප් වැඩි කළා. ජනතාවට බොරු කළේ නෑ. එදා ආර්ථිකය කඩා වැටුණු නිසා ජනතාව කරවිල කෑවා. නිල්වලා ගඟට පැනලා සියදිවි නසාගත්තා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.