අගමැති සම්බන්ධයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට

Share

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත් වූ අතර අග්‍රාමාත්‍යවරයා වැඩි ඡන්දයෙන් ජයගනු ලැබීය.

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්ද 76 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 122 ලැබිණි.

ඡන්දය ප්‍රකාශ කිරීම නාමිකව සිදු කළ යුතු බවට සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරය වෙත දැන්වීය. බෙදුම් සීනුව නාඳ කිරීමෙන් අනතුරුව ඡන්දය විමසීම ඇරඹිණි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, ද්‍රවිඩ ජාතික සන්ධානය, දෙමළ ප‍්‍රගතිශීලී සන්ධානය විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.

ඡන්ද ලබාදීමට නොපැමිණි මන්ත්‍රි සංඛ්‍යාව 26කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරු පිරිසක් මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගයට පක්ෂව ඡන්දය භාවිතා කළේ ය.

ඒකාබද්ධ මන්ත්‍රී කණ්ඩායම විසින් අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News