ඇමෙරිකාවට චීනය සමග වෙළෙඳ යුද්ධයක් නැහැ – ඇමෙරිකානු ජනපති

Share

ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, ඇමෙරිකා එක්සත් ජනපදයට චීනය සමග වෙළෙඳ යුද්ධයක් නොමැති බවත්, එම යුද්ධයෙන් මීට වසර ගණනාවකට පෙර ඇමෙරිකාව නියෝජනය කළ මෝඩ සහ අදක්ෂ මිනිසුන් විසින් පරාජයට පත්වූ බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකානු නායකයා වැඩිදුරටත් පවසන්නේ කෙසේ වෙතත්, ඇමෙරිකාවට මේ වනවිට චීනය සමග වසරකට ඇ.ඩො.බිලියන 500ක පමණවෙළෙඳ හිඟයක් මෙන්ම, තවත් ඇ.ඩො.බිලියන 300ක පමණ බුද්ධිමය දේපොළ වංචාවක් සිදුවෙමින් පවතින බවයි.

මේ තත්ත්වය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට අවස්ථාවක් ලබාදිය නොහැකි බව ඇමෙරිකානු ජනපතිවරයා වැඩිදුරටත් පවසයි. චීනයෙන් සිදුකරන භාණ්ඩ සිය ගණනක් වෙනුවෙන් නව බදු පැනවීමට ඇමෙරිකාවේ සූදානමට එරෙහිව චීනය ඔවුන්ගේ අවි අතට ගන්නාවිට දෙරට අතර වෙළෙඳාම සම්බන්ධ අරගලය උණුසුම් හැරෙමින් පවතින බව විදෙස් වාර්තා පවසයි.

චීනය පවසා සිටියේ ඔවුන් ඇමෙරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 106ක් සඳහා 25%ක වෙළෙඳ බද්දක් පැනවීමට සූදානම් බවයි.

එසේ බදු පැනවෙන භාණ්ඩ අතර සෝයා බෝංචි, දොඩම් යුෂවල සිට ගුවන් යානා දක්වා පරාසයක භාණ්ඩ ඇතුළත් වෙයි.

ඇමෙරිකාව විසින් චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1,300ක් සඳහා 25%ක වෙළෙඳ බද්දක් පැනවීමට ගත් තීරණයට එරෙහිව චීනය මෙම තීරණය ගෙන තිබේ.

Read more

Local News