බර ඉසලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් චතුරංගට

Share

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ චතුරංග ලක්මාල් ජයසූරිය සමත්ව විය.

ඒ කිලෝ ග්‍රෑම් 56 බර පංතියෙනි. ඔහු ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 114ක් හා ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 134 ලෙස සමස්ත බර කිලෝ ග්‍රෑම් 248ක් එසවීය.

එම තරඟයේ රන් පදක්කම මලයාසියාවට හිමිවූ අතර රිදී පදක්කම හිමි වූයේ ඉන්දියාවටය.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ ඊයේ (04) දිනයේ ආරම්භ වූ අතර අද (05) දිනයේ සිට එහි තරඟ පැවැත්වේ.

 

Read more

Local News