රථවාහන වැරදි 33ක් සඳහා නව දඬ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා – අමාත්‍ය අශෝක අබේසිංහ

Share

මෝටර් වාහන පනත යටතේ නියෝග තුනක් අද (5) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණි. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විසින් විවාදය ආරම්භ කළේ ය.

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා විවාදයේ අඳහස් දක්වමින් පැවසුවේ,

වැරදි 33ක් සඳහා නව දඬ අයකිරීම නීතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පත් කළ කමිටුවේ නිර්දේශ අනුව දඬ මුදල් 33ක් හඳුන්වා දීමට කටයුතු කර ඇත.

බලාපොරොත්තු වන්නේ විනයගරුක රියදුරන් බිහිකිරීමටයි. ජනතාවගේ ජීවිත ආරක්ෂ කිරීමටයි. ඒ අනුව ස්ථානීය දඬය රුපියල් 500 සිට 3,000ක උපරිමයකට දඬ මුදල නියම කෙරෙනවා.

මෝටර් වාහන පනත යටතේ නියෝග යටතේ ත්‍රීවීල් රථය වෙනුවට රෝද හතරේ නව රථයක් හඳුන්වාදීමට කටයුතු කෙරෙන අතර එය රථවාහන නීතියට ඇතුළත් කිරීමට මෙමඟින් සිදු කෙරෙනවා. එමෙන් ම මෙම නව රථය අධිවේගී මාර්ගවලට ඇතුළත් කිරීම වළක්වන ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කෙරෙන බවද ජාත්‍යන්තර රියදුරු බලපත්‍රයක් හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News