ගංවතුරෙන් පීඩාවට පත් දරුවන්ගේ උසස් පෙළ විභාගයට සියයට 80% ක පැමිණීම බලපාන්නේ නැහැ

Share

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ,

ගංවතුර නිසා පීඩාවට පත් ප්‍රදේශවල පාසල් දරුවන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සියයට 80% ක පැමිණීම බලපාන්නේ නැති බවත් මෙම දරුවන්ට විභාගයට පෙනී සිටීමේ හැකියාව පිළිබඳව දැනටමත් දැනුම් දී තිබෙන බවත් පැවසීය.

මේ කාලය පිළිබඳව උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දුන්නා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශ තීරණය කරන්නේ විශ්වවිද්‍යාලයට ඇතුළත් කර ගන්නේ කුමන වාරයේ ද කියලා. එම නීතිය දාලා තියෙන්නේ උසස් අධ්‍යාපන
අමාත්‍යාංශයයි.

පාසල් මඟින් දෙවරක් පමණයි උසස් පෙළට පෙනී සිටිය හැක්කේ. තුන්වැනි වර ඉල්ලුම් කළ හැක්කේ පෞද්ගලිකව පෙනී සිටීමට පමණයි. ගංවතුර නිසා අවතැන් වූ ප්‍රදේශවල දරුවන් වෙනුවෙන් තුන්වැනිවරත් පාසලෙන් ම පෙනී සිටීම පිළිබඳව අවධනය යොමු කරන්නම්. ගංවතුර ඇති වූ ප්‍රදේශවල දරුවන්ට සිව්වැනිවර විභාගයට ඉල්ලීමට අවස්ථාව සළසා දීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නැවත ඒ අවස්ථාව පාසලෙන් ම ඉල්ලීමට අවශ්‍ය නම් එයත් ලෑස්ති කර දෙන්නම්. ඒ සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් දෙන්නම් යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

Read more

Local News