රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් ඉදිරියට යනවා – අගමැති

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (05) සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ දී අඳහස් දක්වමින් ප්‍රකාශ කළේ,

ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් ඉදිරියට යන බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කිරීමෙන් අනතුරුව අද (05) දින සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පැමිණි අග්‍රාමාත්‍යවරයා පක්‍ෂ ක්‍රියාකාරීන් සහ පාක්ෂිකයින් හමුවී සුහද කතාබහක නිරත වෙමින්වි විශ්වාසභංග යෝජනාව පරාජයට  පත්කිරීමට සහයෝගය දැක්වූ සියළු දෙනා වෙත ස්තුතිය පළ කිරීමට කටයුතු කළේය.

අනතුරුව පක්‍ෂ මූලස්ථානයේ සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට සහභාගි වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී මාධ්‍යවේදීන් අමතමින් මෙසේ පැවසීය.

වසර 03 කට පසු අපේ ආණ්ඩුව මෙවැනි විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා. මෙම විශ්වාසභංගයේදී ආණ්ඩුවට පක්ෂව වැඩි ඡන්ද 40 අධික ප්‍රමාණයක් ලැබුණා. මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර තිබුණේ ආණ්ඩුවටත්, මටත් විරුද්ධවයි. එම නිසා එය පරාජය කිරීමට උදව් උපකාර කළ සියළු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. දැන් අපි අළුත් ගමනක් ආරම්භ කළ යුතුයි. ආණ්ඩුවට සහයෝගය ලබාදෙන සියළු දෙනා එකතු කර ගනිමින් රට  වෙනුවෙන් හොඳ වැඩසටහනක් ඇති කරමින් අපි ඉදිරියට යනවා. මෙම දින කිහිපය තුළ අපි එම වැඩසටහන පිළිබඳව සාකච්ඡා කරනවා. එක්සත් ජාතික පක්ෂය තුළ අළුත් මුහුණුවලට වැඩි ඉඩක් ලබා දෙමින් පුර්ණ ප්‍රතිසංවිධානයක් ඇති කරනවා. ඒ අනුව අපි 2020 මැතිවරණයට සූදානම් වෙනවා. ශක්තිමත්ව ඉදිරියට යාමේ විශ්වාසය දැන් අපිට ලැබී තිබෙනවා යැයි ද අග්‍රාමාත්‍යවරයා  පැවසීය.

 

Read more

Local News