ලේඛණ සත්‍යාපනය කිරිමේ ක්‍රියාවලියේ ගාල්ල දිස්ත්‍රික් නියමු ව්‍යාපෘතිය ඇරඹේ

Share

විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලබන, ලේඛණ සත්‍යාපනය (සත්‍ය පිටපත් බවට තහවුරු කිරිම) කිරිමේ ක්‍රියාවලියේ ගාල්ල දිස්ත්‍රික් නියමු ව්‍යාපෘතිය කැනේඩියානු ශ්‍රි ලංකා මහකොමසාරිස් ඩේවිඩ් මැකිනම් මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලිය ප්‍රධාන ශ්‍රවාණාගාරයේ දි ඊයේ (05) පැවැත්විණ.

ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ මුලිකත්වය මත මෙම වැඩසටහන දිප ව්‍යප්තව සිදු කිරිමට නියමිත අතර, කුරුණැගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන් හිද මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරිමට නියමිතය.

විදෙස් ගත වන ලාංකිකයන්ට විදේශ කටයතු අමාත්‍යාංශය වෙතින් අනිවාර්යයෙන් ලබා ගත යතු ලිපි ලේඛනයන්හි සත්‍යතාව පිළිබඳව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශිය ලේකම් මගින් වඩාත් පහසුවෙන් සහ ක්ෂණිකව සිදු කර ගැනිම මෙම ක්‍රියාවලිය යටතේ ඉදිරියේදි සිදුවේ. උප්පැන්න සහතිකය හෝ ග්‍රාම නිලධාරී සහතිකය යනාදි ලේඛණ තහවුරු කොට කොළඹ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කාර්යාලයට යාමට මින් පසු අවශ්‍ය නොවන අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙතින්ම විදේශ ගත විමට අවශ්‍ය ලිපි ලේඛණ ලබා ගැනිමේ ක්‍රමවේදයක් මේ යටතේ ක්‍රියාත්මක වේ. මෙමගින් පිට පළාත්හි මහජනතාව වෙත වඩාත් පහසුවෙන් අවම පිරිවැයක් මගින් තම කටයුත්ත කොළඹ ප්‍රදේශයන් වෙත නොගොසින්ම සිදු කර ගැනිමේ පහසු කම සැකසේ.

Read more

Local News