විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අත්අඩංගුවට

Share

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙනයාමේ සිද්ධියට අදාළව හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබීය.

වසර 2008 මැයි 22 දින දෙහිවල දී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යෑමේ සිද්ධියට අදාළව ඒ සඳහා ආධාර අනුබලදීමේ වරද මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

අසනීප තත්ත්වයේ පසුවෙමින් සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ එම ස්ථානයට ගිය රහස් පොලිසිය ඒ මහතාගෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසුව අත්අඩංගුවට ගත් බවද පැවසේ.

කීත් නොයාර් මාධ්‍යවේදියාට නාඳුනන පිරිසක් විසින් පහරදීමක් සිදුකර තිබූ අතර මේ සම්බන්ධ පරීක්ෂණයක් ඒ කාලය තුළ විධිමත්ව සිදුවී නොතිබුණි.

ඔහු මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයේ යුද හමුදා ‍රෝහලේ නේවාසිකව සිටියි.

Read more

Local News