තේවලට සීනි කලවම් කිරීම විශාල ගැටළුවක් – අමාත්‍ය නවීන් දිසානායක

Share

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද (6) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි ප්‍රකාශ කළේ,

තේවලට සීනි කලවම් කිරීම විශාල ගැටළුවක් බවත් එයින් ශ්‍රී ලංකාවේ තේ නාමයට විශාල කැළලක් බවත් කී අමාත්‍යවරයා, පුද්ගලික තේ කර්මාන්තශාලා අසූවක්, තේ මණ්ඩලය මැදිහත්වීමෙන් හදිසි පරික්ෂා කිරීමට කටයුතු
කළ බවද පැවසීය.

එමෙන් ම තේ කර්මාන්තකරුවන් සමඟ සාකච්ඡා සිදු කළ බවත් තේ වල සීනි පවතී ද, නැති නම් ස්වාභාවිකව ඇතිවන දෙයක් ද යන්න පරික්ෂා කෙරෙන බවද අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News