අද මධ්‍යම රාත්‍රියේ සිට නව පොහොර සහනාධාරය

Share

වී ගොවීන් සඳහා කිලෝග්‍රෑම් 50 ක පොහොර මිටියක් රුපියල් 500 කට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළේ, අනෙකුත් අතිරේක බෝග සඳහා පොහොර මිටියක් රුපියල් 1500 කටත් අද (06) මධ්‍යම රාත්‍රියේ සිට ලබා ගත හැකි බවයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ මෙම යෝජනාව රජයේ පොහොර සහනාධාරය යටතේ ගොවීන්ට හිමිවන බව ද ඔහු පැවසීය.

ඒ අනුව, මෙතෙක් පැවති පොහොර මිලදී ගැනීමට මුදල් ලබාදීමේ ක්‍රමය වෙනුවට නැවතත් ගොවි ජනතාවට සහනාධාර පොහොර ලබාදීමට පියවර ගැනෙනනු අැති.

Read more

Local News