වැලිගම පොලීසියේ රිවෝල්වරයක් අස්ථානගත වෙයි

Share

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, වැලිගම පොලීසියේ රිවෝල්වරයක් අස්ථානගත වීම සම්බන්ධයෙන් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

විමර්ශන කටයුත්තක් සඳහා සහභාගි වී යළි පැමිණෙමින් සිටින අතරතුර මෙම රිවෝල්වරය අස්ථානවී ඇති ඇත.

මීට අදාළ විමර්ශන කටයුතු අවසන් වනතෙක් එම කොස්තාපල්වරුන් දෙදෙනාගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Read more

Local News