ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත්

Share

ශ්‍රී ලංකාවට ජී.එස්.පී ප්ලස් සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව සදහන් කරයි.

එහි සභාපති ජාන් සහරාදිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවයි.

අත්හිටුවා තිබූ ජි.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදී වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරන බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.

 

Read more

Local News