පළාත් කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Share

දිවයිනට ආශ්‍රිතව ගිනිකොණ දෙසින් පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්වයේ වැඩිවීමක් (විශේෂයෙන් නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වල සහ නැගෙනහිර, ගිණිකොන සහ දකුණු මුහුදු ප්‍රදේශ වල) බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දකුණ, ඌව සහ නැගෙනහිර පළාත් වලත් මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත් වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සමහර ස්ථාන වලට මි.මී. 100ට වැඩි තද වැසි බලාපොරොත්තු වේ.

සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කල හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (07) දහවල් 12.12ට මොරටුව, පොල්ගස්ඕවිට, හඳපාන්ගොඩ, කීරගල, බොගවන්තලාව සහ කොඩිනාරාව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතී.

Read more

Local News