අලියෙකු පහරදීමෙන් 38 හැවිරිදි පුද්ගලයක් මරුට

Share

පොලොන්නරුව, කලහගල 8 ඇළ ප්‍රදේශයේදී අද (07) අලුයම 3.30 ට පමණ අලියෙකු පහරදීමෙන් 38 හැවිරිදි පුද්ගලයකු මරණයට පත්වී ඇති බව පොලොන්නරුව පොලිසිය පවසයි.

අස්වැන්න නෙළීමට ආසන්න තත්වයේ පවතින තම කුඹුර වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා රාත්‍රී කාලයේ පැල් රකිමින් සිට ආපසු නිවෙස බලා එමින් සිටියදී අතර මඟදී අලියා පහරදී ඇති බව පොලිසිය සිදු කල විමර්ශනවලදී හෙළිවී ඇත.

Read more

Local News