සුපිරි තරු නිසා ගොඩ යන ‘හිචිකි’

Share

සිවුවසරකට පසුව බොලිවුඩ් සිනමාවට පිවිසෙන ජනප්‍රිය බොලිවුඩ් සිනමා නිළි රාණි මුඛර්ජි රඟන අලුත්ම බොලිවුඩ් චිත්‍රපටය වන්නේ ‘හිචිකි’ය. වෙනස්ම ආරේ කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටය මේ වනවිට බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ පෙරළියක් ඇති කිරීමට සමත්ව ඇත. චිත්‍රපටය තිරගත වී සිවුදිනක ගතවෙද්දි ‘හිචිකි’ උපයාගත් ආදායම ඉන්දීය රුපියල් කෝටි 20ක් බව සඳහන් වේ.

සිනමා විචාරකයන් පවසන්නේ මෙවැනි විශාල මුදලක් ඉතා කෙටි කාලයකදී උපයාගන්නට ‘හිචිකි’ චිත්‍රපටයට හැකිවුයේ සුපිරි නළුනිළියන් වූ සල්මාන් ඛාන්, අයිශ්වර්යා, අමිර් ඛාන්, කත්‍රිනා කයිෆ්, කරිනා කපූර්, ෂාරුක් ඛාන් වැනි සුපිරි නළුවන් මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු සඳහා සම්බන්ධ වීම බව පැවසේ.

source: saaravita.lk

 

Read more

Local News