ටිපර් රථයක් යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට

Share

කුරුණෑගල – මීගමුව ප්‍රධාන මාර්ගයේ තලම්මැහැර දෙබරලියද්ද මංසන්ධියේදී අද (07) උදෑසන 6. 00 ට පමණ බොරළු පැටවූ ටිපර් රථයක් යතුරුපැදියක හැපී යතුරුපැදියේ ගමන්ගත් කාන්තාවක් බරපතල තුවාල ලබා එම ස්ථානයේදිම මියගොස් ඇති බව පන්නල පොලීසිය පවසයි.                                                                                              
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ මාහොලව ප්‍රදේශයේ පදිංචි තිස් හැවරිදි දෙදරු මවකි.

පොලීසිය පැවසුවේ ඇය ඇඟුඵම් කර්මාන්තශාලාවක සේවයට යාම සඳහා තම සැමියා සමග යතුරුපැදියෙන් ගමන් කරන අතරතුරදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

ගිරිඋල්ල පන්නල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News