රසල් ආනෝල්ඩ්ට ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලියේ අධ්‍යක්ෂ ධුරයක්

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග විස්සයි20 තරගාවලියේ අධ්‍යක්ෂවරයෙක් ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක, වත්මන් විස්තර විචාරක රසල් ආනෝල්ඩ් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරන්නේ රසල්ගේ පත්කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි බලපාන බවයි.

ඉදිරි වසර පහක කාලය තුළ මෙම තරගාවලිය පැවැත්වීමට නියමිත අතර අගෝස්තු 18 දා සිට සැප්තැම්බර් 10 දා දක්වා තරගාවලිය පැවැත්වීට නියමිතය.

Read more

Local News