හත්වැනි දකුණු ආසියානු සනීපාරක්ෂාව පිළිබඳව සමුළුවට අමාත්‍ය රවුෆ් හකීම් සහභාගී වෙයි

Share

හත්වැනි දකුණු ආසියානු සනීපාරක්ෂාව පිළිබඳව සමුළුවේ දී දකුණු ආසියානු අමාත්‍යවරු ඉස්ලාමාබාද් නුවරදී අප්‍රේල් මස 11 සිට 13 දක්වා රැස්වීමට නියමිතය.

මෙම සමුළුව සකොසාන් VII සමුළුව වන්නේ ය. පකිස්තානයේ කාලගුණ වෙනස්කම් පිළිබඳ අමාත්‍යංශය හත්වැනි දකුණු ආසියානු සනීපාරක්ෂාව පිළිබඳ සමුළුව පැවැත්වීමට සූදානම් කර ඇති අතර, SAARC කලාපීය රාජ්‍ය නිලධාරීන්, සංවර්ධන සහයෝගීතා සංවිධානයන්, සිවිල් සංවිධාන නියෝජිතයින්, පෞද්ගලික අංශ හා ප්‍රජා සංවිධාන නියෝජිතයින්, පර්යේෂකයින්, විද්වතුන්, පාසල් ළමයින් හා මෙම ක්ෂේත්‍රෙයට සම්බන්ධව ක්‍රියාකාරීන් මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

කලාපීය රටවල් හතේ විෂයභාර අමාත්‍යවරුන් ඇතුලුව නියෝජිතයින් 500 ක් පමණ සහභාගීවිමට නියමිතය. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් මෙයට සහභාගී වේ.

දකුණු ආසියානු සනීපාරක්ෂක සමුළුව (SACOSAN) මෙම කලාපයේ රාජ්‍යයන් මගින් පවත්වන සමුළුවක් වන අතර එය මාරුවෙන් මාරුවට SAARC සාමාජික රටවල්වල පවත්වනු ලැබේ. මෙම සමුළුව මගින් සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසේ. මෙම සමුළුවල අරමුණ වන්නේ කලාපයේ සනීපාරක්ෂක කටයුතු පිළිබඳ සාමාජික රටවල් දැනුවත් කිරීම හා අනාගතය බලපාන පිරිදි එම කටයුතු විධිමත් කිරීමය. මෙම SACOSAN ක්‍රමවේදය මගින් කලාපීය සනීපාරක්ෂක කටයුතු සම්පාදනය කිරීම සඳහා දේශපාලනික ජවය ලබා දෙනු ලැබේ.

දකුණු ආසියානු කලාපයේ සනීපාරක්ෂක කටයුතු ඉතාමත් වැදගත් හා අභියෝගමත් සමාජ ක්‍රියාවක් බවට පත්වී ඇත. ලෝක ජනගහනයෙන් 1/3 ක් සැලකිය යුතු සනීපාරක්ෂක පහසුකම් වලින් ශූන්‍ය අය වන්නේ ය. ආසියාවේ විවෘත්ත ස්ථානයන්හි සිය මළ පහකිරීමේ කරන්නාවූ සංඛ්‍යාව මිලියන 700 ඉක්මවයි. දකුණු ආසියානු රටවල් 2003 වර්ෂයේ දී බංගලාදේශ් අගනුවර වන ඩාකා නුවරදී මේ සම්බන්ධයෙන් ප්‍රථම වරට රැස් වූහ. මේ සමුළුව මගින් සනීපාරක්ෂක කටයුතු පිළිබඳ වැදගත්කම කලාපීය ක්‍රියාකාරීන්ට වටහා දීමට හැකිවිය. එමෙන්ම මෙම සමුළුව මගින් දේශපාලනික වශයෙන් මේ සම්බන්ධයෙන් පාලන තන්ත්‍රෙය් යෙදෙන්නන් යුහුසුළුමත් කිරීමටද උපකාරී විය.

මෙම සමුළුවල පැවැත්වෙන වාද විවාද හා ඉදිරිපත් කෙරෙන අදහස් උදහස් හා නව සොයාගැනීම්, එම සමුළුවල අමාත්‍ය මට්ටමේ ප්‍රකාශයන්ට ඇතුළත් වන අතර ඒ මගින් එම තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය දේශපාලනික දිරිගැන්වීම ලැබෙන්නේ ය. මෙම සමුළුවල ප්‍රධාන පරමාර්ථයන් වන්නේ සනීපාරක්ෂක කටයුතු ප්‍රවර්ධනය කිරීම හා ඒ මගින් ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය කටයුතු ඉහළ නැංවීමය. සෑම සමුළුවකම ගන්නා ලද තීරණ අධ්‍යයන කිරීමට හා එම තීරණ ක්‍රියාත්මක කිරීමට ICWG නමින් හැඳින්වෙන අන්තර රාජ්‍ය ක්‍රියාකාරී කණ්ඩායමක් (INTER COUNTRY WORKING GROUP) නම් වූ කණ්ඩායමක් පත්කරනු ලැබ ඇත.

සාර්ක් කලාපීය රටවල් වල විෂයභාර ඇමතිවරු ඇතුළුව රටවල් 8හි ආසන්න නියෝජිතයන් සහභාගීවෙන 7 වැනි SACOSAN සමුළුවට මෙහෙයවනු ඇත. මෙම දූත පිරිසට මෙම ක්ෂේත්‍රෙය් නියැලි ප්‍රධාන ක්‍රියාකාරීන්, මෙම විෂය පිළිබඳ මනා දැනුමකින් යුතු රාජ්‍ය නිලධාරීන්, මෙම ක්ෂේත්‍රෙය් ක්‍රියාකාරී සංවිධානවල නියෝජිතයින් සහ විද්වතුන් ඇතුලත් වනු ඇත. ශ්‍රී ලංකා  දූත පිරිස විද්වතුන් සනීපාරක්ෂක කටයුතු පිළිබඳ මූල්‍ය ප්‍රතිපාදන අවශ්‍යතාවයන් පිළිබඳ  දැනුවත් කිරීමක් ද සිදුකරනු ඇත.

මෙම සැසිවාරයේ රවුෆ් හකීම් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇති අතර එහි දී මූල්‍ය ප්‍රතිපාදන සැපයීම පිළිබඳ පරීක්ෂණ වාර්තා 4ක් ද ඉදිරිපත් කිරීමට නියමිතය. සශ්‍රීක සංවර්ධන ඉලක්කයන් යටතේ සනීපාරක්ෂිත කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූල්‍යම හා අනෙකුත් සම්පත් පිළිබඳවද මෙහි සාකච්ඡාවට ලක් වේ.

අප්‍රේල් 10, 11, 12 යන දිනයන්හි සමුළුවේ අදහස් හුවමාරු කිරීම් පාදක කරමින් හා එහි ගන්නාවු ලද තීරණ ඇතුළත්වන ඉස්ලාමාබාද් ප්‍රකාශය අත්සන් කිරීම හා ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මීළග SACOSAN සමුළුවේ මෙම සමුළුවේ දී ගන්නා ලද තීරණ හා එම තීරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සළකා බැලෙන තුරු මෙම සමුළුවේ දී ගන්නා ලද තීරණ ප්‍රා යෝගිතව ක්‍රියාත්මක කිරීමට සමුළුවට සහභාගී වන රටවල දැඩි අධිෂ්ඨානය වනු ඇත.

Read more

Local News