ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

Share

ක්‍රීඩා අමාත්‍යාංශයට අනුබද්ධිත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස බුවනෙක හේරත් මහතා වැඩ භාර ගැනීම සිදුවිය.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ වසර 20කට වැඩි අත්දැකීම් සතු හේරත් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ වසර 10ක අත්දැකීම් ඇති නිලධාරියෙකි.

ඔහු මින් පෙර ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන හා ගිණුම්) ධුරයෙහිද සේවය කර තිබේ.

පේරාදේණිය විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ඇති හේරත් මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යව පිළිබඳ පශ්චාත් උපාධිධාරියෙකි.

Read more

Local News