දූෂණ චෝදනා යටතේ හිටපු ජනපති ලී මුන්-බක්ට නඩු

Share

දූෂණ චෝදනාවලට වැරදිකාරිය කරනු ලැබූ දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිනි පාක් ගුන් හෙයි ට සිරදඬුවම් නියම කිරීමෙන් දින කිහිපයකට පසුව තවත් හිටපු ජනාධිපතිවරයෙකුට එරෙහිව දූෂණ චෝදනා යටතේ නඩු පවරනු ලැබ තිබේ.

අල්ලස් ගැනීම, බදු පැහැර හැරීම, වංචනික ක්‍රියා සහ බලය අයුතු ලෙස යොදාගැනීම යන චෝදනාවලට හිටපු ජනාධිපති ලී මුන්-බක් වැරදිකරු බව පැමිණිල්ලේ තර්කය වී තිබේ.

සැම්සුන් සමාගමෙන් සහ රටේ ඔත්තු සේවයෙන් ඩොලර් කෝටියකට වැඩි මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ.

සැම්සුන් සමාගම සහ ඔත්තු සේවය එම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර, ගොතන ලද චෝදනා බව පවසමින් හිටපු ජනාධිපති ලී මුන්-බක් ද එම චෝදනා බැහැර කරයි.

Read more

Local News