දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක් – සෞඛ්‍ය අැමති

Share

පෝෂණවේදී විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සමග සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වූ සාකච්ඡාවක දී සඳහන් කළේ,

දිවයින පුරා පෝෂණ වෛද්‍ය ඒකක 160 ක් ඉදිකළ යුතු බවයි. පළමු අදියර යටතේ පෝෂණ වෛද්‍ය ඒකක 50 ක් ඉදිකිරීමට සැළසුම් සකස් කර ඇත.

දිවයින පුරා ප්‍රජාව පෝෂණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා පෝෂණවේදීන් 500 ක් බඳවා ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය සැළසුම් කර ඇත. ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට අනුයුක්තව බඳවා ගන්නා ඔවුන් විශ්වවිද්‍යාල පෝෂණවේදී උපාධිධාරීන් වේ. ආහාර, පරික්ෂා කිරීම සඳහා පරීක්ෂණාගාරයක් ඉදිකිරීමේ අවශ්‍යතාවය ද වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්හ.
ඊට ප්‍රතිචාර දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඒ සඳහා වූ සැළැස්මක් ලබාදෙන ලෙසයි. පළමු පෝෂණ වෛද්‍ය ඒකකය කොළඹ ජාතික රෝහලේ දී සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදි.

Read more

Local News