රණවිරුවන් වෙනුවෙන් රටේ දිස්ත්‍රික්ක 25 තුළ රණවිරු සුභ සාධන ගම්මාන විසිපහක්

Share

නිවාස හා ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (09) බත්තරමුල්ල සෙත්සිරිපාය කාර්යාල සංකීර්ණයේ පිහිටි නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ,

වත්මනෙහි නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීමට කැප කිරීම් කළ රණවිරුවන් වෙනුවෙන් රටේ දිස්ත්‍රික්ක 25 තුළ රණවිරු සුභ සාධන ගම්මාන විසිපහක් ආරම්භ කිරීමට තීරණය කළ බවයි.

රණවිරුවන්ට ගෞරව දැක්වීම දේශපාලන වේදිකාවලට සීමා නොකර, ලකුණු දමා ගැනීමේ වාක්‍ය වලට පමණක් සීමා නොකර සිදු කළ යුතු බවත් රණවිරුවන් ඇස්, මස්, ලේ, ජීවිත දන්දෙමින් තම පවුල් වල අවශ්‍යතා පසෙක දමමින් දැඩි කැපවීමෙන් කටයුතු කළ නිසා වර්තමානයේ නිදහස් ශ්‍රී ලංකාවක් නිර්මාණය වූ බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.

රණවිරු ගම්මානයන්හි පැවැති ගැටලු නිරාකරණය කර ගනිමින් අඩුපාඩු කම් රහිතව අංග සම්පූර්ණව නව රණවිරු සුභ සාධන ගම්මාන කෙටි කාලයකින් ඉදිකරන බවද පැවසූ ඇමැතිවරයා මෙම රණවිරු ගම්මානයන්හි පදිංචි වන රණවිරුවන්ට පෙර මෙන් එම ඉඩම් සහ නිවාස සඳහා මුදල් අය නොකරන බවද පැවසීය.

Read more

Local News