අලුත් අවුරුදු බස් සේවාව අද සිට අාරම්භ වෙයි

Share

ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමය සඳහන් කළේ, අලුත් අවුරුදු බස් සේවාව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සමග එක්ව අද (10දා) ආරම්භ කරන බවයි.

එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, මේ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම, කඩුවෙල, පිළියන්දල බස් නැවතුම් පොළවල් හා කළුතර දිස්ත්‍රික්කයේ කළුතර, පානදුර, මතුගම, හොරණ, අලුත්ගම බස් නැවතුම් පොළවල් මූලික කරගනිමින් දුර සේවා බස්රථ සේවාව ක්‍රියාත්මක කරන බවයි.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත, කටුනායක, නිට්ටඹුව බස්නැවතුම්පොළවල් මූලික කර ගනිමින්ද විශේෂ බස් සේවාව ක්‍රියාත්මක බවද ඔහු පැවසීය.

16 වැනිදායින් පසු ගම්බිම් බලා ගිය ජනතාවට නැවත රැකියා ස්ථානවලට පැමිණීම සඳහා ද විශේෂ බස් සේවා ක්‍රියාත්මක කරන බව පැවසීය.

Read more

Local News