ගිනි අවියක් සහ දඩ මස් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

Share

බලපත්‍ර රහිත බෝර 12 ගිනි අවියක් සහ දඩ මස් කිලෝ ග්‍රෑම් 3 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පල්ලම පොලීසිය පවසයි.

ආඩිගම – මදවක්කුලම ප්‍රදේශයේ නිවසක තිබී ගිනි අවිය සහ දඩ මස් තොගය පොලීසිය විසින් සොයා ගෙන ඇත.

සැකකරු, ගිනි අවිය සහ දඩ මස් තොගය ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Read more

Local News