ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව සභාපතිවරයෙක් පත් කරයි

Share

නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික ළමා අරක්ෂක අධිකාරියේ නව සභාපති ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත්කර තිබේ. ඒ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 8වන සභාපති ලෙසය.

කොළඹ විශ්වවිද්‍යාලයේ සංවර්ධන අධ්‍යාපනවේදී විශේෂ උපාධිධාරියෙක් වන මෙතුමා නීතීවේදී උපාධියද එම විශ්වවිද්‍යාලයෙන්ම හිමි කර ගෙන ඇත. නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ශ්‍රම අධ්‍යාපනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය කොළඹ විශ්වවිද්‍යාලය මඟින්ද, කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය වයඹ විශ්වවිද්‍යාලයෙන් ද ලබාගෙන තිබේ. එමෙන්ම එතුමන් ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ ඩිප්ලෝමාව ජාතික ව්‍යාපාර කළමණාකාරීත්ව ආයතනය  මඟින්ද, තරුණ කටයුතු පිළිබඳ ඩිප්ලෝමාව ඉන්දියාවේ චන්දිගර් විශ්වවිද්‍යාලයෙන්ද ලබාගෙන ඇත.

නීතීඥ එච්.එම්. අබයරත්න මහතා ජාතික තරුණ සේවා සභාවේ පළාත් අධ්‍යක්ෂ ලෙසද, කැනඩා ලෝක විශ්වවිද්‍යාල සේවයේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක ලෙසද, පසු අස්වනු තාක්ෂණික ආයතනයේ සභාපතිවරයා ලෙසද කටයුතු කර තිබේ. එමෙන්ම එතුමන් වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කරන අතර, කුරුණෑගල දිස්ත්‍රික් ජනාධිපති විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කරනු ලබයි.

Read more

Local News