ලබන 20 වන දා සිට ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්ය වෙයි

Share

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කළේ, ලබන 20 වන දා සිට ත්‍රිරෝද රථ සඳහා ගාස්තු මීටරය අනිවාර්යය කිරීමට තීරණය කර ඇති බවයි.

ඒ මහතා පැවසුවේ, මගී ආරක්ෂාව සහ ත්‍රිරෝද රථ සේවයේ ගුණාත්මක තත්ත්වය වර්ධනය කිරිමේ අරමුණින් එම පියවර ගත් බවයි.

ගාස්තු මීටරය පසුගිය පළමු වනදා සිට අනිවාර්යය කර තිබුණ ද රියැදුරන් ඇතුළු පාර්ශව කිහිපයකම ඉල්ලීම අනුව එම කාල සීමාව දීර්ඝ කිරීමට පියවර ගෙන තිබුණි.

Read more

Local News