ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ගිය වසරෙන්  

Share

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තාගත වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය 2017 වසර තුළ ලබාගෙන ඇත. 2017 වසර තුළ ශ්‍රී ලංකාවට ලැබී ඇති ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය ඇ.ඩො බිලියන 1.9ක් හෙවත් රුපියල් බිලියන 290ක් පමණ වේ. මෙය 2016ට වඩා සිව් ගුණයක වර්ධනයකි. මීට පෙර වැඩිම ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයක් වාර්තා වී තිබුණේ 2014 වසරේ දීය. එය ඇ.ඩො. බිලියන 1.7කි.

2017 වසරේ ඍජු විදේශ ආයෝජන ප්‍රමාණයට හම්බන්තොට වරාය බදු දීම වෙනුවෙන් ලද ඇ.ඩො මිලියන 300ක පළමු වාරිකය ද ඇතුළත් ය. චීන ආයෝජන මෙන් ම හොංකොං, ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල ආයෝජන ද මෙම වර්ධනීය තත්ත්වය අත්පත් කර ගැනීමට හේතු විය.

2015 සහ 2016 යන වසරවල ඍජු විදේශ ආයෝජන ප්‍රමාණය පිළිවෙළින් දැක් වූයේ ඇ.ඩො මිලියන 970ක් සහ ඇඩො මිලියන 450ක් ලෙසිනි.

2017 වසර තුළ ශ්‍රි ලංකාවේ ආපනයනය ද බෙහෙවින් වැඩි වී ඇත. 2017 වසර ජනවාරියට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වාර්ෂික අපනයනය 2018 ජනවාරි වන විට 11.6%න් එනම් ඇ.ඩො. 965.4 දක්වා වැඩි වී ඇත. ඊට අමතරව විගමනික ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ ප්‍රමාණය ද වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය 2017 දෙසැම්බර් වන විට ඇ.ඩො. බිලියන 7.9 දක්වා ඉහළ ගියේ ය.

මෙම වසරේ අවසානයේ දී ඇ.ඩො බිලියන 2.5ක විදේශ ආයෝජන ලබා ගැනීමේ ඉලක්කය කරා ළගාවීමට රජය සැලසුම් කර තිබේ. එය 2020 වනවිට ඇ.ඩො බිලියන 5 දක්වා වර්ධනය කිරීම රජයේ අපේක්ෂාවයි.

Read more

Local News