කිලෝමීටර් එකොළහක් පසුපසට ධාවනය වූ දුම්රියක්

Share

මගීන් දහසක් රැගත් දුම්රිය මැදිරි විසි දෙකක් ඉතා වේගයෙන් කිලෝමීටර් එකොළහක් පසුපසට ගමන් කළ පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයෙන් වාර්තා වන මෙම සිද්ධිය මුල් කර ගනිමින් දුම්රිය සේවකයන් හත් දෙනෙකුගේ වැඩ තහනම් කර ඇත.

මෙම මැදිරි විසි දෙක දුම්රිය එන්ජිමෙන් හදිසියේ ගැලවී ගොස් මෙසේ පසුපසට ගමන් කර තිබේ.

එන්ජිමක් රහිතව ඉතා වේගයෙන් පසුපසට ගමන් කළ දුම්රිය මැදිරි නැවැත්වීමට රේල් පාර මතට ගල් දැමීමට සේවකයන් කටයුතු කර ඇත.

මෙම හදිසි තත්වයෙන් කිසිවෙකුටත් තුවාල සිදු වී නැත.

Read more

Local News