ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින ගැටලු පිළිබඳව ජනපතිගේ අවධානය

Share

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පවතින ශිල්පීන්ගේ හිඟය පියවීම සඳහා අවශ්‍ය විසඳුම් ඇතුළත් යෝජනාවලියක් සකස්කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

එම යෝජනාවලිය සකස් කිරීම සඳහා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරු දෙදෙනාගේ ප‍්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත්කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ඊයේ (09) පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Read more

Local News