ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයට නව සභාපතිනියක් පත් වෙයි

Share

ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 25 වන සංවත්සරය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

සමස්ත සෞඛ්‍ය පරිපාලකයින් නියෝජනය කරන මෙම වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ නව සභාපතිනිය ලෙස විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය තේරී පත්වීම විශේෂත්වයකි.

ලෝක බැංකුවේ ආධාර මත ක්‍රියාත්මක බෝනොවන රෝග පාලනය සඳහා වන වැඩපිළිවෙල සහ ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් දියුණු කිරීමේ වැඩපිළිවෙල කඩිනමින් මෙන්ම වැඩි ඵලදායි තත්ත්වයකින් ඉදිරියට ගෙන යන බව විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී පැවැසීය.

සෞඛ්‍ය සම්පන්න නිරෝගී ශ්‍රී ලංකාවක් බිහි  කරන බවට විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය මෙහිදී පැවැසුවාය.  

Read more

Local News